දිස්ත්‍රික්ක 05ක ලබන සඳුදා කරන්න යන දේ මෙන්න..

Sri Lanka Polonnaruwa Nuwaraeliya Anuradapura Mannarama Thrikunamalaya
By Aruna Dec 17, 2021 02:45 AM GMT
Report

ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සඳුදා දිස්ත්‍රික් 05ක රෝහල් තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ඊට අදාළ මධ්‍යම කාරක සභා සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි.

මේ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ ගැටලුවට අද දින තුළ විසඳුමක් නො ලැබුණහොත් මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ නුවරඑලිය යන දිස්ත්‍රික් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now