පෙබරවාරි 17 වනදායින් පසු රට පුරා කරන්න යන දේ මෙන්න..

Sri Lanka Politician Sri Lanka
By Aruna Feb 08, 2023 11:55 PM GMT
Report

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෛද්‍යවරුන් සහ වරාය, ඛනිජ තෙල්, විදුලිබල, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් ඊයේ සංකේත වැඩවර්ජන හා විරෝධතා දීපව්‍යාප්තව සංවිධාන කර තිබුණා.

මෙහිදී වෘත්තිය සමිති අනාවරණ කළේ ,ජනපීඩක බදු සංශෝධන ඉවත් කර නොගතහොත් පෙබරවාරි 17 වනදායින් පසු පූර්ණ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බවයි.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ඖෂධ හිඟය සඳහා කඩිනම් විසඳුම් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක ඊයේ පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

ඊයේ පෙරවරු 8ට ආරම්භ වූ මෙම සංකේත වැඩවර්ජනය අවසන් වන්නේ අද උදෑසන 8ටය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ද ඊයේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණි.

විදුලිය සැපයීමට අදාළ අත්‍යවශ්‍ය සේවා සැපයීම හැරුණු විට සෙසු විදුලි සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියේය.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රට පුරා ක්‍රියාත්මක කළ විරෝධතා මාලාවට සහාය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද ඊයේ සංකේත වැඩවර්ජනයක නිරත වුණි.

මේ අතර මෙම වර්ජනයට සහාය පළ කරමින් බැංකු ක්ෂේත්‍රයේත් වෘත්තීය ක්‍රියාමාර්ග නිවේදනය කර තිබෙනු ඊයේ දක්නට ලැබුණි. තවත් ප්‍රදේශ රැසක වෘත්තිකයින් ඊයේ දහවල් මෙම වර්ජනවලට සහාය දක්වමින් උද්ඝෝෂණවල නිරත වුණි.

මේ අතර ජනපීඩක බදු සංශෝධනය හකුළා ගනු යන මැයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී රැලියක්ද සංවිධාන කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now