ශ්‍රී දළදා මාලිගාවේ විදුලි බිල ගෙවාගන්න බෑ. බිල සංශෝදනයට ඉල්ලීමක්.

Kandy
By Wayomi Nov 26, 2022 05:03 AM GMT
Report

ඔක්තෝබර් මාසයේ ශ්‍රී දළදා මාලිගාවේ විදුලි බිල රුපියල් ලක්ෂ 28ක් වන වෙනවා.

මෙතරම් විශාල මුදලක් ගෙවීමට නොහැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ.

මේ හේතුවෙන් විදුලි බිල්පත සංශෝධනය කරන ලෙස කොමිෂන් සභා සභාපති ජනක රත්නායකගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මල්වතු -අස්ගිරි මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවක්ද පවත්වා ඇති බව සඳහන්.

එහිදී සභාපපතිවරයා පොරොන්දු වී ඇත්තේ, විදුලි බිල අඩු කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ලංකා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර සකසන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW