වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Government Of Sri Lanka
                
                                                
                    Department of Motor Vehicles
                
                                                
                    Sports
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බවයි එහි සඳහන් වන්නේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බව ද එහි සඳහන්.
මීට අදාල නිවේදනය පහතින් දැක්වේ.