මීගමුවේ පාසල් හතරකට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කෙරේ

Sri Lanka Sports schools Sinhala news Puwath.lk
By R.rishma Jul 11, 2026 07:59 AM GMT
Report

පාසල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමේ ජාතික වැඩසටහන" යටතේ මීගමුව ආසනයේ පාසල් හතරකට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ කටාන සාන්ත ජෝසප් කනිෂ්ඨ විද්‍යාලය, කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහා විද්‍යාලය, මීගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය සහ මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලය වෙත උස පැනීමේ මෙට්‍රස් ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කර ඇත. 

පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කර ජාත්‍යන්තර තලයට ගෙනයාමට අවශ්‍ය මූලික ක්‍රීඩා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නිශානි ජයකොඩි මහත්මිය, මීගමුව නාගරික මන්ත්‍රීවරුන් වන රොහාන් අතුකෝරාල මහතා සහ රොනී ප්‍රශාන්ත මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩී. ලක්මිණි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, ක්‍රීඩා නිලධාරීන් සහ සිසු සිසුවියන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.