පපඩමට එහා ගිය කෑමක්. කාලා තියෙනවද?
මොන කෑම ජාති තිබ්බත් පපඩම් තියෙනවා නම් පොඩ්ඩෝ ඕනෑම දෙයක් කයි නේද? ඒත් මේ දවස් වල නම් පොඩ්ඩන්ට තියා අපිටවත් පපඩමක්වත් කන්න බැහැ. පපඩම් පැකට් එකත් රුපියල් 200කට කිට්ටු කරලා. හැබැයි ඉතින් ඔබට පුළුවන් ඔය පිටිගුලිය බැදලා දෙන්නේ නැතිව රසයි ගුණයි දෙකම තියෙන පපඩමක් ගෙදරදීම හදලා දෙන්න. ඒකට ඔබට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔබට තියෙන්නේ ගෙදර තියන නිවිති වැලෙන් කොළ ටිකක් කඩාගන්න එක විතරයි.
අවශ්‍ය ද්‍රව්‍ය
🌿 නිවිති කොළ කිහිපයක්
🌿 කඩල පිටි හෝ පාන් පිටි cup 1/2ක්
🌿 .කෝන් ෆ්ලා මේස හැඳි 1/2ක්. ( ටික වෙලාවක් ක්‍රිස්පි ගතියට තියාගන්න අවශ්‍ය නිසා )
🌿 හාල් පිටි cup 1/4 ක්
🌿 මිරිස් කුඩු තේ හැදි 1ක්
🌿 ගම්මිරිස් තේ හැදි 1 ක්
🌿 අවශ්‍ය ප්‍රමාණයට ලුණු
🌿 බැදීමට තෙල්
සාදාගන්න ආකාරය
🌿 නිවිති කොළ හොඳින් සෝදා ඉරන්න .තැලෙන්න නොදි පරිස්සමට හෝදලා වතුර බේරෙන්න තියන්න.
🌿 ටිකක් කට පලල් භාජනයක් ගන්න.
🌿 කඩල පිටි, හාල් පිටි, මිරිස්, ගම්මිරිස්, ලුණු දමා වතුර ටික ටික එකතු කරමින් ටිකක් ඝන බැටර් එකක් හදාගන්න.
🌿 නිවිති කොළය බැටර් එකේ ගිල්වන්නේ නැතුව නැට්ටෙන් අල්ලලා කොළයේ දෙපැත්තේම හොඳින් මිශ්‍රණය තවරාගන්න.
🌿 ඉන්පසුව රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |