ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ අවවාදයක්

Weather Latest Headlines Rain Sinhala news Puwath.lk
By R.rishma Jul 08, 2026 08:36 AM GMT
Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, අදාළ වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගනු ඇත.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එමෙන්ම, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබඳවද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.