හෙට අනුරාධපුරයට විශේෂ දුම්රියක්
Anuradhapura
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sithumi
අටමස්ථානාධිපති අපවත් වී වදාළ අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහ පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ආදාහන පූජෝත්සවයට සහභාගී වන බැතිමතුන් සඳහා හෙට (22) උදෑසන 4.40ට කොළඹ කොටුව සිට අනුරාධපුර බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ආපසු පැමිණීම සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.10ට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් යෙදවීමට ද සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
