STF 600කට හදිසි මෙහෙයුමකට හදිසි කැඳවීමක්..!

Sri Lanka Army Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 30, 2023 08:48 AM GMT
Report

දිවයිනේ විවිධ පළාත්වලින් පසුගිය දින කිහිපය තුළ වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා විය.

මෙම වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් බස්නාහිර සහ දකුණු පළාත් වලින් ද වාර්තා විය.

එම නිසා දකුණු පළාත සහ බස්නාහිර පළාතේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලීසියේ විශේෂ අවධානයක් යොමුව ඇත.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 600 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම, හදිසි වැටලීම් සිදුකිරීම සහ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.