පාතාල නායක "මහේෂ් මල්ලි" ගේ ප්‍රධානම ගෝලයන් ඇල්ලූ විශේෂ මෙහෙයුම..(PHOTOS/ VIDEO)

Sri Lanka Army Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 10, 2022 05:01 PM GMT
Report

 විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව 2022.12.10 වන දින ඩුබාහී සැඟව සිටින මිනුවන්ගොඩ මහේෂ් මල්ලී නැමැති පාතාල ක්‍රියාකරුගේ සමීපතමයෙකු වන සුරේෂ් ප්‍රියංකර ප්‍රනාන්දු නොහොත් බොබියා නැමැති කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මීගමුව පොලිස් වසමේ කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වැරදි අංකතහඩු යෙදූ යතුරුපැදියක් ද ඔහු භාරයේ තිබී අත්අඩංගුවට ගත් අතර වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමෙිදී මහේෂ් මල්ලි නැමති පාතාල කල්ලි සමාජිකයාගේ අනෙත් ගෝලයන් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා ලදි.

කටිටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු හා ඔහු ලඟ තිබී පිස්තෝලයක් හා උණ්ඩ පහක් සහිත මැගසිනයක්ද පන්නල, යක්විල ප්‍රදේශයේදී වයස අවුරුදු 48 ක පුද්ගයෙකු ලඟ තිබී පිස්තෝලයක් හා උණ්ඩ 05 ක් සහිත මැගසිනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානය වෙත හා එක් සැකකරු වෙකු පන්නල පොලිස් ස්ථානය ටද භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ සහ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

සංවිධානාත්මක අපරාධ මර්ධනය ,පාතාල ක්‍රියා කරකමි මැඩලීම , මත්ද්‍රව්‍ය ජාලය මර්ධනය කිරීම වගකිමෙන් හා දැඩි කැපවීමෙන් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකාය අන දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසර දෙකහමාරක් වැනි කාලයක් තුල පාතාලයෙන් අත්අඩංගුවට ගත් පනස් වන පිස්තෝලය මෙය වෙි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery