පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්.

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Election
By Wayomi Apr 01, 2024 08:07 AM GMT
Report

මේ වනවිටත් මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මුලික කටයු තුසූදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ,IMF වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසමට දැනුම්දුන් බවයි.

මෙම වසරේදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන අතර එළැඹෙන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුලදී එය පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳ සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කර ඇති බව ද මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ප්‍රකාශ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

එමෙන්ම ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර එසේ පවත්වන්නේ නම් මහ මැතිවරණය අගෝස්තු මාසයට පෙර පැවැත්විය යුතු වනවා.