අද වයස අවුරුදු 12ට අඩු ළමුන්ට මෙන්න විශේෂ අවස්ථාවක්..

Sri Lanka Dehiwala Zoological Garden Tourism
By Aruna Jul 03, 2024 06:01 AM GMT
Report

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 88 වන සංවත්සරය අදට (ජුලි 03) යෙදී තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 12න් පහළ දරුවන්ට අද දිනයේදී සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

පියුමිගේ තවත් ගේමක් මාට්ටු වෙලා?..හෙට සිට ඇගට දැනෙන්න කරන දෙයක් ගැන ප්‍රබලයෙක් කියයි..

පියුමිගේ තවත් ගේමක් මාට්ටු වෙලා?..හෙට සිට ඇගට දැනෙන්න කරන දෙයක් ගැන ප්‍රබලයෙක් කියයි..


ජර්මන් ජාතික ජෝන් හාර්ගෙන්බෙක් විසින් වර්ෂ 1905 දී පමණ වනගත අලි ඇතුන් අල්ලා ජර්මනියේ පිහිටි හැම්බර්ග් නගරයට අපනයනය කිරීමට පෙර, රඳවා තබා ගන්නා ස්ථානයක් ලෙස අක්කර 5ක භූමි ප්‍රමාණයක දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුකාලීනව එය, එනම් 1926 දී “ලංකා සත්ත්ව උද්‍යාන සමාගම” ලෙස නම් කර තිබේ.

පසුව 1933 දී ඇති වූ දෙවන ලෝක මහා සංග්‍රාමයත් සමඟ එම සමාගම බ්‍රිතාන්‍ය රජය යටතට පත් වී ඇත.

නමුදු 1935 පමණ වනවිට සත්ත්ව උද්‍යාන සමාගමේ ජීවත් වූ වන සතුන් සීඝ්‍රයෙන් බෝවීමත්, ඔවුන්ට ප්‍රමාණවත් ඉඩකඩ හා ආහාරපාන නොමැති වීමත් මත ලංකා සත්වෝද්‍යාන සමාගම බංකොලොත්භාවයට පත් වී ඇති අතර 1936 ජුලි 03 වන දා ලංකා සත්ත්ව උද්‍යාන සමාගම රජයට පවරාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..


ඒ, වන සත්ත්ව ලෝලියෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික මේජර් ඕබරි එන්. වයිමන් විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත සිදුකළ දැඩි ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙස බවයි සඳහන් වන්නේ.

එයාකාරයෙන් ස්වාධීන දෙපාර්තමේන්තුවක් ලෙස ඇරඹි ජාතික සත්වෝද්‍යානයේ පාලන කටයුතු 1982 අංක 41 දරණ ජාතික සත්ත්ව උද්‍යාන පනතේ විධිවිධාන අනුව සිදුකෙරෙනු ලබයි.

එලෙස ඇරඹි දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 88 වන සංවත්සර සැමරුමට සමගාවීම අද දින සිට Online Ticketing නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බව‍යි වාර්තා පැවසෙන්නේ.