රැවටීමෙන් වළකින්න. - ඊශ්‍රායලයේ රැකියා ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Israel Foreign Employment Bureau
By Wayomi Jun 24, 2023 08:52 AM GMT
Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙසයි.

දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බවයි එම කාර්යාංශය නිවේදනය කරන්නේ.

එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ තවත් පිරිසක් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර පසුගිය වසරේ අප්‍රේල් 28 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලාංකික 389 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙනවා.