හිටපු ජනාධිපති මෛත්‍රී අධිකරණයට කළ විශේෂ දැනුම්දීම.
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lanka Magistrate Court
Easter Attack Sri Lanka
By Wayomi
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව පවසමින්.
ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී තිබෙනවා.
මේ වනවිටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර ඇත.