පාසල් විභාග සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - ජනාධිපති ශිෂ්‍යත්ව දීමනා ගැන විශේෂ දැනුම්දීමක්.

Ministry of Education Government Of Sri Lanka G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Wayomi Apr 08, 2024 06:20 AM GMT
Report

2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාල කටයුතු අවසන් අදියරේ පසුවන බව ජනාධිපති අරමුදල සඳහන් කරනවා.

ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරනු ලබයි.

තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ  www.presidentsfund.gov.lk පල කිරීමට කටයුතු කරනු ලබන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව www.facebook.com/president.fund like/follow කර තබාගන්නා මෙන් ද ජනාධිපති අරමුදල දැනුම් දී තිබෙනවා.

එමෙන්ම 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සදහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසය තුළ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිතයි.

එම නාමලේඛන ලද පසු අදාළ සිසුන් සදහා ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කෙරෙන අතර මෙම ශිෂ්‍යත්ව මුදල්ද 2024 මැයි මස සිට ලබා දීමට නියමිතව තිබෙනවා.