පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් පිරිස මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Wayomi Dec 17, 2022 06:24 AM GMT
Report

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකදී පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගැනුණා.

එහිදී පාසල් 122ක් ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී මාවා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක්, හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 522ක් සහ මත්පෙති 10ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW