පැය 12 අධික දැවැන්ත මෙහෙයුම සාර්ථක වෙයි..!

Arab Countries India Indian Army
By Sewvandhi Mar 30, 2024 02:12 PM GMT
Report

අරාබි මුහුදේ දී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්ව තිබේ.

පැය 12කට අධික කාලයක් පුරා මුහුදු කොල්ලකරුවන් සමඟ පැවති මෙහෙයුමකින් අනතුරුව මෙම මුදා ගැනීම සිදුකර ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කළේ,.

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා අරාබි මුහුදේ යොදා ඇති ඉන්දීය නාවික නෞකා දෙකක් මෙම මෙහෙයුම සිදුකර ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ,නෞකාවේ සිටි පාකිස්තාන ජාතිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරාගෙන ඇති බවය.  

ඉන්දියන් සාගරයේ යේමනයේ දූපතක් වන සොකොට්‍රා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 90ක් පමණ දුරින් මෙම මෙහෙයුම් සිදුකර ඇති අතර මුහුදු කොල්ලකරුවන් 35 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට යටත් වී ඇති බව වාර්තා වේ.