ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 09, 2025 05:14 AM GMT
Report

2025 නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි. ඒ පිළිබදව දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම් ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි. 

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය විශේෂ කරුණු රැසක් සඳහන් කළේ, ඒ අනුව, "පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. 

පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි." "දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට." "ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා." "පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට." "විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.