නුවරඑළියේ යනවනම් අත්‍යවශ්‍යම දුරකථන අංකයක් - විශේෂ දැනුම්දීමක්..!

Nuwara Eliya Tourist Kande ela greagery lake Ranjith Alahakoon
By Sewvandhi Feb 06, 2022 12:32 PM GMT
Report

නුවර එළියේ සංචාරක ස්ථානවලදී යම්කිසි ආපදා තත්වයක් වාර්තා වුවහොත් හෝ නිරීක්ෂණය වුවහොත් වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය නුවරඑළියට පැමිණීමට අපේක්ෂාකරන සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව077 – 395 78 79 යන දුරකථන අංකය අමතන ලෙසයි රංජිත් අලහකොන් මහතා ප්‍රකාශ කළේ.

මේ අතර නුවරඑළිය කන්දේ ඇළ ජලාශයේ අනාරක්ෂිත ලෙස සහ අවධානම් ලෙස සංචාරකයන් රැගෙන යන හබල් බෝට්ටුකරුවන්ට දැඩි ලෙස අවවාද කිරිමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා.

මෙම ජලාශයේ හබල් බෝට්ටු 05 ක් පමණ සංචාරකයන් රැගෙන යාම සඳහා එක් කර ඇති අතර , ඒ සඳහා කිසිදු රාජ්‍ය ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පෙන්වා දුන්නේ.

අදාළ බෝට්ටු කිසිදු ප්‍රමිතියකින් සහ ආරක්ෂිතභාවයකින් තොරව සකස් කර අති බවට නිරීක්ෂණය වී ඇති බවද ඔහු සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now