2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය - විශේෂ දැනුම්දීමක්..!

Election election commission grama Niladari
By Sewvandhi Jan 29, 2022 03:08 AM GMT
Report

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා වන ක්ෂේත්‍ර ගණන්ගැනීමේ කාලසීමාව තුළ ග්‍රාම නිලධාරී ස්ථානමාරුවීම් සහ ග්‍රාම නිලධාරී කාර්යාල දින සීමාකිරීමට තීරණය කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ලබන පෙබරවාරි මස පළමුවනදා සිට ජුනි මස 15 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

විනය හේතු වැනි අත්‍යවශ්‍ය හා නොවැළැක්විය හැකි අවස්ථාවලදී හැර අදාළ කාලසීමාව තුළ හෝ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කාර්යය අවසන්කරන දිනය තෙක් ග්‍රාම නිලධාරීන් ස්ථානමාරු කිරීම් සිදුනොකළ යුතු බවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇත. 

 එමෙන්ම සදුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල පෙරවරු කාලයේදී ග්‍රාම නිලධාරීන් කාර්යාලවල රැඳී සිටිය යුතු අතර ඉතිරි දින ක්ෂේත්‍ර රාජකාරී සඳහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ. 

 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2022 ඡන්ද හිමි නාමලේඛනය සඳහා වන බී.සී. ආකෘති පත්‍ර නිවෙස් වෙත බෙදාහැරීම සිදුනොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now