ලෝක බලවතුන් විශේෂ සංවාදයක..!

America China war Russian Ukrain
By Sewvandhi Mar 19, 2022 06:25 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියානු - යුක්‍රේන සංවාදයට සියලු පාර්ශව සහය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ජෝ බයිඩන් ඒ සඳහා එකඟතාව පළ නොකළ බව සඳහන් වනවා. දෙරට නායකයින් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් පළමු රථ පෙළ ද යුක්‍රේනයේ සුමී නගරයට පැමිණ ඇති බව වාර්තා වනවා. එමෙන්ම ඊයේ (18) දිනයේ මානුෂික කොරිඩෝව හරහා පුද්ගලයින් 9,100 වැඩි පිරිසක් යුක්‍රේන නගරවලින් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉවත්ව ගිව බහුතරයක් මරියුපෝන් නගරයේ පදිංචිව සිටි වැසියන් බව සඳහන්. රුසියානු - යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.5ක පමණ පිරිසක් යුක්‍රේනය තුළ අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now