ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්..! - සහභාගී වූ විශේෂ පිරිස කවුද..?
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ පාර්ශ්ව සාකච්ඡාවකට කැඳවා තිබේ. එය මේ වනවිට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ද එක්ව සිටී.එමෙන්ම ඉන්ධන වෘත්තීය සමිතිවල සාමාජිකයන්ද ඊට කැඳවා ඇත.
මේ අතර එළඹෙන සතිඅන්තයේ අඛණ්ඩව ඉන්ධන සැපයීම සඳහා සියලුම බවුසර් හිමියන් තම බවුසර් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඉල්ලා සිටියේය.
ඔහු පවසන්නේ ප්‍රමාණවත් ඉන්ධන තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව පවතින බැවින් එම ඉන්ධන බෙදැහැරීම වේගවත්ව සිදු කළයුතුව ඇති බවය
. කෙසේවෙතත් ඉන්ධන බෙදාහැරීම මේ වනතෙක් යථා තත්ත්වයට පත්වී නොමැත. ඒ හේතුවෙන් අද දිනයේදී පෙරදිනවලට සාපේක්ෂව දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් වසාදමා තිබේ.
මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට පැමිණි ඉන්ධන නෞකා දෙකේ ඉන්ධන ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇත. ඉන් එකක ඩීසල් මෙට්‍රික් ටොන් 41,000ක්ද අනෙක් නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37, 500ක්ද පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |