හදිසියේම කැඳවූ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද.හේතුව මෙන්න..

Norochchole Cabinet meeting Sapugaskanda Udata Gammanpila
By Sewvandhi Feb 22, 2022 02:33 AM GMT
Report

රටේ වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේය. රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මේ වන විට ඉන්ධන සපයා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර පවතින මිල ගණන්වලට ඉන්ධන ලබා දීම තුළින් තවදුරටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් වහාම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයට යෝජනා කර ඇති අතර මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් ද අද දිනයේ රැස්වන විශේෂ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතය. මේ අතර රට තුළ මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇති වෙමින් පවතින බව සමගි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

එම සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ, මෙම තත්ත්වයට ආණ්ඩුව සහ බලශක්ති අමාත්‍යවරයා වගකිව යුතු බවය.  මේ අතර ඊයේ දිනයේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක දිගු පෝලිම් දක්නට ලැබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now