ජනපති ආයතන 30ට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..
අමාත්‍යාංශ දෙකකට අයත් විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
එම අමාත්‍යාංශ දෙක වන්නේ තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හා කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යාංශයයි.
ඒ අනුව තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ආයතන 15 ක් ගැසට් කර තිබේ.
1. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව
2. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
3. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂණ් සභාව සහ අනුබද්ධිත ආයතන
4. තොරතුරු හා සන්න්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ධිත ආයතන
5. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
6. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම්
7. කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ්
8. ටෙක්නෝපාක් ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්,
9. තොරතුරු තාක්ෂණ උද්‍යාන (යාපනය සහ මන්නාරම)
10. කාර්මික තාක්ෂණ ආයතන,
11. ශ්‍රී ලංකා ඉන්ස්ට්ටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්.
12. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතතය,
13. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය
14. ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය
15. කොළඹ වරාය නගරය
ආර්ථික කොමිෂන් සභාව ළමා කන්තා කටයුතු හා සමාජ සවිබලගැන්විමේ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව ද 15 කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |