අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..

Mahinda Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Dhammika Perera
By Aruna Jul 29, 2024 04:33 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

වාහනයක් ගන්න බලන් හිටිය සිහිනයට සතුටුදායක ආරංචියක්..අගෝස්තු වල මුලින්ම ගේන වාහන මෙන්න..

වාහනයක් ගන්න බලන් හිටිය සිහිනයට සතුටුදායක ආරංචියක්..අගෝස්තු වල මුලින්ම ගේන වාහන මෙන්න..


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ.

මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවය.

කෙසේවෙතත් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව ප්‍රකාශ කර අවසන්.

ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවකගේ සහාය ද හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර, ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා ද අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අද පස්වරු 1.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වෙන විශේෂ වැඩසටහනක දී එම අපේක්ෂකයා මෙසේ ප්‍රකාශයට පත් කරනු ඇති බවයි පැවසෙන්නේ.

එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ, ඔහු දීර්ඝ කාලයක් ජනතා අරගලවල ක්‍රියාකාරීව සිටි අයකු බවයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%