සියලු බැංකු ගණුදෙනුකරුවන්ට විශේෂ දැනුම්දීමක්..ඉදිරි දින කිහිපයේ වෙනදේ මෙන්න..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Parliament of Sri Lanka Sri Lanka Politician Economy of Sri Lanka
By Aruna Jun 26, 2023 06:05 AM GMT
Report

දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා, "මේ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම තුළින් කිසිම ආකාරයක බැංකුවල ගනුදෙනුවලට විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදුකරන බැංකු ගනුදෙනු, ATM, ඔන්ලයින් බැංකු ගනුදෙනු, අන්තර්ජාලය හරහා කරන බැංකු ගනුදෙනුවලට කිසිම බාධාවක් නෑ.

ඒ වගේම සාමාන්‍ය අපි දන්නවා සමහර බැංකු නිවාඩු දිනවලත් ක්‍රියාත්මක වෙනවා. weekend banking කියලා තියෙනවා.

ඒ කිසිම බැංකු ගනුදෙනුවකට මුදල් ලබාගැනීමට මේ තුළ කිසිම බාධාවක් නෑ.

සාමාන්‍ය බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ වගේ දීර්ඝ බැංකු නිවාඩු දිනයන්වල පවා ජනතාවට අවශ්‍ය කරන බැංකු කටයුතු කරගැනීමට සියලු පහසුකම් සලස්සනවා."

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ලබන 30 වන දින බැංකු නිවාඩු දිනයක් බවට පත් කළ බව මහ අධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.