රටම බලාසිටින අද පාගමන ගැන ඉහළ තැනකින් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..

Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya
By Aruna Nov 02, 2022 04:39 AM GMT
Report

වෘත්තීය සමිහි හා බහුජන සංවිධාන එක් ව දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් අද (02) පැවැත්වීමට නියමිත සාමකාමී පා ගමන පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, අදාළ පා ගමන සඳහා පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවට නීති විරෝධී ලෙස පොලිසිය දැනුම් දී ඇති බව යි.

ඒ පිළිබඳ පැමිණිල්ලක් වෘත්තීය සමිති බහුජන සංවිධාන විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව ද එහි සඳහන් වේ.

ඒ අනුව පොලිස් ආඥා පනතේ 77 වැනි වගන්තිය ප්‍රකාර ව මෙලෙස සාමකාමී විරෝධතා පා ගමනට අවසර ලබා ගන්නා ලෙස දන්වා ඇති බව යි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙහි දී අවධාරණය කරන්නේ, පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සඳහා භාවිත කිරීම අනුචිත බවයි.

මෙම අවස්ථාවේ දී මූලික අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදු වුවහොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති වීමට හේතු විය හැකි බවත් මෙම පා ගමන සිදු වන අවස්ථාව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery