දකුණු අධිවේගයේ දරුණු රිය අනතුරක්..පියා සහ දියණිය මරුට..03ක් රෝහලේ.(PHOTOS)
Accident
Sri Lanka
Bandaragama
Southern highway accident
Milleniya
By Aruna
කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙරළී යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම , කොතලාවල , රේණුකාරාම පාරේ , පදිංචි එච්.එම්.සමන් කුමාර (38) සහ එච්.එම්.එස්.ඔනිත්මා නමැති සිව් හැවිරිදි දියණියක බව පොලිසිය කියයි මව පියා දැරියන් දෙදෙනා සහ තවත් පුද්ගලයක අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරක් සමගම පියා සහ දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි අනතුරින් තුවාල ලද මව හා දියණිය කලුතර නාගොඩ රෝහල ටත් අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

