ලොවම පුදුම කරමින් පිරිසකගේ වයස අඩු වෙයි..

South Korea
By Sithumi Jun 28, 2023 11:52 AM GMT
Report

දකුණු කොරියාවේ උපත ලබන පුද්ගලයන්ගේ වයස ගණනය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේද දෙක ඉවත් කිරීමට තීරණය කර ඇත.

අද (28) දිනයේ සිට ඒ අනුව ඔවුන්ට ජාත්‍යන්තරව සිදු කරනු ලබන උපන්දිනය ගණනය කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය මත පදනම්ව වයස ගණනය කිරීමේ ක්‍රමයට සිය වයස ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා.

සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව දකුණු කොරියාවේ වයස ගණනය කිරීමේ එක් ක්‍රමවේදයකට අනුව කුසේ සිටින කාලය ගණනය කරන අතර ඒ අනුව උපතේදී වසරක් වයසැති ලෙසයි වයස ගණනය කර ඇත්තේ.

දෙවන ක්‍රමයට අනුව දකුණු කොරියානුවන් සෑම වසරකම ජනවාරි පළමු වන දිනකම අවුරුද්දකින් වයස්ගත ලෙස ගණනය කරනු ලබන බව සඳහන්.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව දකුණු කොරියානුවන්ගේ වයස නියමිත උපන් දිනයේ සිට වසර එකක් හෝ දෙකක් වැඩි වනවා.