දක්ෂිණ අධිවේගයේ වාහන 10ක් පමණ එකිනෙක ගැටෙයි..! මාර්ග කිහිපයකම දැඩි වාහන තදබදයක්..

accident Colombo Galanigama South highway dhodangoda
By Sewvandhi Apr 17, 2022 03:47 PM GMT
Report

රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේග මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 10කට ආසන්න ප්‍රමාණයක් එකිනෙක ගැටී ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ කොළඹ දෙසට වාහන ධාවනය වන්නේ එක් මංතීරුවක පමණක් බව වාර්තා විය.

මේ අතර,ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට (17) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර වී තිබෙනවා. ඒ අනුව කළගෙඩිහේන ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදුල්ල - කොළඹ මාර්ගය ද මේ වනවිට අවහිර වී තිබෙන බව වාර්තා වනවා. ඒ ඉන්ධන ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව ද වීදි බැසීමත් සමගයි.

මේ අතර, ගාල්ල -  මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල ද මාර්ගය හරස් කරමින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now