හිටපු ජනපතිවරයකුට සමාව..

South Africa
By Sewvandhi Aug 11, 2023 11:26 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

දකුණු අප්‍රිකානු වර්තමාන ජනාධිපති සිරිල් රාමපෝසා විසින් එරට  හිටපු ජනාධිපති ජෙකොබ් සූමා ට එරෙහිව ලබාදී තිබු මාස 15ක සිරදඬුවම අත්හිටුවීමට ගෙන තිබු තීරණය අනුමත කර තිබේ.

2021 වසරේදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එම දඬුවම නියම කෙරිණි. නමුත් ඔහු සිරකර සිටියේ මාස දෙකක් පමණි. ඒ, සෞඛ්‍යමය හේතුමත ඔහුව නිදහස් කිරීම හේතුවෙනි.

 එනම් වත්මන් ජනාධිපතිවරයා එම දඬුවම අත්හිටුවීම අනුමත නොකළේ නම් සූමා ව නැවත සිරගත කිරීමට ඉඩ තිබුණි. ඒ ඔහුව නිදහස් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බව ව්‍යවස්ථාදායක කවුන්සිලය නියෝග කර තිබීම නිසා ය.

 2021 වසරේදී හිටපු ජනපති ට සිර දඬුවම් නියම කෙරුණේ, දුෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වන ලෙස නිකුත්කර තිබූ නියෝගයකට ඔහු එකඟ නොවීම හේතුවෙනි.

81 හැවිරිදි සූමා ට එරෙහිව නැවතත් සිර දඬුවම ක්‍රියාත්මක කළහොත් රට තුළ කලබල ඇතිවෙතැයි විචාරකයෝ පැවසූහ. 2021 වසරේදී නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔහුට සිරදඬුවම් තීන්දු කළ විට රටපුරා ඇතිවූ කලහකාරී සිද්ධි හේතුවෙන් 300කට අධික පිරිසක් මරුමුවට පත්වුණි.