"මාව ලෝකෙට එව්වේ සීමාවන් බිදින්න. "කාගෙත් අවධානය හිමිකරගත් දකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ (PHOTOS)
South Africa
By Sithumini
මෙවර දකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ ලෝකයේම අවධානයට ලක්වුණා. ඒ එම කිරුළ මෙවර බිහිරු තරුණියකට හිමිවීමත් සමගයි.
නමින් Mia le Roux වන ඇය එම කිරුළ හිමි කරගනිමින් වාර්තා අතරටද එක්වුණා.
ඒ එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙසයි. දැනට 28 හැවිරිදි වියේ පසුවන මියා, ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදීයි.
ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති අතර ඇයට ඇගේ කථන හැකියාව ඇතිකර ගැනීම සදහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවුණා.
ඇය ඇගේ ආබාදය කෙලෙසකවත් ඇගේ සිහින වලට බාදාවක් කර නොගත් ඇය මේ වන විට අතර නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරනවා.
මියා පවසන්නේ, "මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න...මම ඒ දේ අද රෑ සිදුකළා..." යනුවෙනි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%