දුම්රිය ටිකට් එක ළඟදීම ඉවතට.

Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Apr 07, 2024 08:16 AM GMT
Report

මේ වසර අවසානයට පෙර දුම්රිය ගමන් සඳහා “ඊ – ප්‍රවේශපත් ක්‍රමයක්” හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා කියා සිටියේ,ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන 19ක වියදමින් මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.

එමෙන්ම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධ කලක සිට ක්‍රියාත්මක නොවී තිබූ මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙසට ද උපදෙස් දී ඇත.

ඒ අනුව ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කර ඇති අතර එහි මූලික පියවරක් ලෙස ඉදිරි මාස 5ක් ඇතුළත දුම්රිය ප්‍රවේශපත් සඳහා ශ්‍රී අ කේතය හඳුන්වා දීමට නියමිතයි.