TV බලද්දි ඇති වූ අමනාපය නිසා, පුතා තාත්තව පොලීසියට අල්ලලා දෙයි
ගාල්ල වටරැක ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජිව උණ්ඩ 28ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
සැකකාර නිවෙස් හිමියාගේ පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුර කතන පණිවුඩයක් අනුව වටරැක නැගෙනහිර මිහිඳු මාවත පිහිටි නිවෙස පරික්ෂා කිරිමේදි මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.
පොලිසියට ලැබුන තොරතුර අනුව නිවෙස පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැති අතර ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ තමාලග පතරොම් තොගයක් තිබෙන බවට මෙයට මාසයකට පමණ පෙර සැමියා කිවත් ඒවා තිබෙන තැනක් නොකි බවය.
මේ අතර හබරාදුව අඟුලුගහ පදිංචි සැකකරුගේ පුතාද නිවසට පැමිණ රූපවාහිණිය නරඹමින් සිටියදි සැකකරු තමාලඟ පතරොම් තොගයක් තිබෙන බවට පුතාටද පවසා ඇත.
කෙසේ වෙතත් ඊයේ පියා සමග ඇතිවු හදිසි අමනාපයක් හේතුවෙන් පියා ලඟ පතරෝම් තොගයක් තිබෙන බවට පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |