රාත්රී කාලයේ තේ හදන කාන්තාවකගේ නිරුවත් ඡායාරූප ගත් අයෙක් මාට්ටු වෙයි..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Aruna
ජංගම දුරකතනයකින් නිරුවත් ඡායාරූප ගත් බව කියන සැකකරුවකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ නිට්ටඹුව ප්රදේශයේ පවත්වා ගෙන යන රාත්රි ආපන ශාලාවකදී බවයි පැවසෙන්නේ.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම රාත්රී ආපන ශාලාවට තේ පානය කිරීම සඳහා ගොස් ඇති මෙම පුද්ගලයා එහි මුදලාලි නෝනා තේ පිළියෙළ කරන අවස්ථාවේ ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන ඇති බවයි.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.