සමාජ මාධ්‍යයේ ඔබත් මේ දේවල් කරනවාද..? එසේනම් ඔබත් ප්‍රවේසමෙන් - වහාම දැනුවත්වන්න..!

Police spokesman Sri Lanka Police Sri Lanka Social Media Deshabandu Tennakoon Social Media
By Sewvandhi Dec 14, 2023 11:57 AM GMT
Report

අද (14) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CCID) වයඹ පළාත් ඒකකය වාරියපොලදී විවෘත කෙරුණි.

ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ව්න අතර විනිවිදභාවයක් ඇතිව ජනතා විශ්වාසය ගොඩනගා ගෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට ජනතාවගේ සහාය පොලීසිය වෙත ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු එහිදී පැවසීය.

මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කර දැමීමට මහජනතාව පොලීසිය සමග නැගී සිටිය යුතු බවයි, එතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

"සමාජ මාධ්‍ය දිහා බලපුවාම පේනවා.. ආගම්වලට අපහාස කරමින්, ජාතීන් අතර වෛරය ඇති කරමින්, එකිනෙකා අතර මරාගන්නා තත්ත්වයක් නිර්මාණය කරමින් ඉතාමත් පහත් ආකාරයේ භාවිතයන් තිබෙනවා කියලා."

"පහත් දේවල් සමාජ මාධ්‍ය තුළ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලංකාවේ ඕනෑම කෙනෙකුට තොරතුරු දෙන්න පුළුවන්. ක්ෂණිකව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා."

"පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම, ප්‍රතිරූප විනාශ කිරීම, මඩ ගැසීම්වලට, ඉතාමත් පහත් ලෙස මේ සමාජ මාධ්‍ය යොදාගන්නවා."

"ළමා අපචාර සහ අපයෝජන සඳහා අද ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහා කරන පෙළඹවීම්. ස්මාර්ට් ෆෝන් එක අද කුඩා දරුවන්ගේ අනාගතය විනාශ කරන තත්ත්වයට පත්වෙලා.

මනස විකෘති කරන අසභ්‍ය දේවල් නරඹන්න පුරුදුවෙලා. දරුවන්ගේ විවේක කාලයෙන් 80%ක් වැය කරන්නේ ස්මාර්ට් ෆෝන් එකත් සමග කියලා හෙළිවෙලා තියෙනවා. මොනවා බලනවා ද කියලා දෙමව්පියෝ දන්නෙත් නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න පොලීසිය ඉදිරි පියවරක් තැබීම තමයි මේ සිදුවන්නේ."

2024 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු පාසල් දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කරමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.