අන්තර්ජාලයෙන් ඔබත් මේ දේවල් කරනවාද..? එහෙනම් බලාගෙනයි - අලුතෙන්ම කරන්න යන දේ..
Facebook
Sri Lanka
Sri Lanka Social Media
By Sewvandhi
නීතිපතිවරයාගේ නිෂ්කාශනය, අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ලැබී තිබෙනවා.
එනම් වාර්තා වන පරිදි, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර තිබේ.