අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැම්මොත් වෙන දේ මෙන්න..නව ක්‍රමවේදයක් එයි..

Facebook Tech Mahindra Sri Lanka Social Media Social Media
By Aruna Mar 28, 2024 03:28 AM GMT
Report

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද දිනයේ සිට අවස්ථාව හිමිවනු ඇති බවයි, එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ “ඉන්ටනැෂනල් වොච් ෆවුන්ඩේෂන් නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වන බවයි පැවසෙන්නේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, අනතුරුව එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

එමෙන්ම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය කාලය තුළ ද ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීම් සම්බන්ධයෙන් පැමිණිලි බොහෝ සංඛ්‍යාවත් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.