සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණ තරුණියන්ට මෙන්න වැදගත් පණිවුඩයක්...
අන්තර්ජාලය ඔස්සේ විවිධ තර්ජනවලට ලක්වන මහජනතාවට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහය ලබාගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, අන්තර්ජාලය හරහා පුද්ගලයන්ගෙන් විවිධ හිරිහැර හා තර්ජනවලට ලක්වන පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කළ හැකි බවයි.
මාධ්‍ය අමතමින් නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා පැවසුවේ, සහය අවශ්‍ය අයට dir.ccid@police.gov.lk විද්‍යුත් තැපෑලෙන් පැමිණිලි කළ හැකි බවයි.
24/7 ක්‍රියාත්මක වන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 109 ඔස්සේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ෆේස්බුක් හරහා තරුණියකට අතවර කළ 21 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම උපකාරක දුරකථන අනාවරණය කළා.
මෙම තරුණයා තරුණියට නැවත නැවතත් විවාහ යෝජනාවක් කර ඇති අතර, ඇය අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කර ඇත.
පසුව ඔහු තරුණියට ලින්ක් එකක් එවා ඇත්තේ ඇයගේ අසභ්‍ය පින්තූර අන්තර්ජාලයට එක්කර ඇති බව පවසමින් එය පරීක්ෂා කරන ලෙසි.
එහිදී අදා තරුණිය පෙම්වතා වෙත මෙම පණිවිඩය යවා ඇත.
මෙම අදාල තරුණියගේ පෙම්වතා විසින් අදාල ලින්ක් එක ක්ලික් කර ඇති අතර එහිදී ඔහුගේ ජංගම දුරකථනය හැක් කර තිබේ.
එම මාර්ගයෙන් සැකකරු විසින් අඹුසැමියන් අතර අන්තර්ජාලය ඔස්සේ සිදු කළ චැට් සංවාද සහ ඡායාරූප ලබාගෙන එම කාන්තාවගේ අසභ්‍ය රූප නිර්මාණය කර ලිංගික අනුග්‍රහය දක්වමින් ඇයට තර්ජනය කර ඇත.
අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව උපාය මාර්ගයෙන් සැකකරු පිළියන්දල ප්‍රදේශයට ගෙන්වා ගෙන අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.