සමාජ මාධ්‍යය නියාමනයට සැරසේ - ජනපතිගෙන් නවතම පනතක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, YouTube, Facebook ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවක දී ද ජනාධිපතිවරයා මේ බව පවසා සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරනවා.
මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බැවින් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරනව.
මේ අතර සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත ජනාධිපතිවරයා විසින් ගෙන්වා ගෙන ඇති බවත්, එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පවසා තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |