සමාජ මාධ්‍ය භාවිතා කරන සැමට දැනුම් දීමක්..
විවිධ ත්‍යාග ලබාදෙන බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් එක්කෝටි දහසය ලකෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මුදල් විශුද්ධිකරණය, සාවද්‍ය පරිහරණය, අපරාදි විශ්වාසය කඩ කිරීම කරුණු යටතේ විමර්ශනය සිදු කර නිති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ පදිංචි (30) පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
මේ අතර රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 618 ක් සහ කේරළ ගංජා කිලෝ දෙකයි 2 ගෑම් 170 පොලිස් භාරයට ගෙන ඇත.
34 වියේ පසුවන සැකකරු රාජගිරිය පදිංචිකරුවෙකි.
සැකකරු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |