සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..කරන්න යන දේ මෙන්න..
Sri Lanka
By Aruna
ජාතික ආරක්ෂාවට බලපාන සමාජ මාධ්‍ය වල හැසිරීම් පාලනය කිරීම සඳහා පනත් කඩිනමින් සකස් කරන ලෙස සහ තවත් පනත හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙස ආරක්ෂක ප්‍රධානීන් විසින් යෝජනා කර තිබේ.
මේ පිළිබඳව අධිකරණ අමාත්‍යංශ දිගින් දිගටම දැනුම් දුන්නද එය සිදු නොවීමෙන් මෑතකදී අරගලකරුවන් රාජ්‍ය දේපල විනාශ කිරීමට ද සමාජ ජාල උපයෝගී කරගෙන ඇති කර ගත් බවද ඔවුන් පෙන්වා දී ඇත.
මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ය.
ආසියානු කලාපය තුළ දුර්වලම නීති පවතින්නේ ශ්‍රී ලංකාව තුළ බැවින් වහාම ඒවා සංශෝධනය සඳහා ඉදිරිපත් කර සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යාංශය වෙත බලය පැවරීමට ද මෙහිදී තීරණය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |