වට්ස්ඇප් 99 න් බේරෙයි..ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි..

Facebook Social media Instagram Whatsapp Russian
By Aruna Mar 23, 2022 04:22 AM GMT
Report

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් රුසියාවේ අධිකරණක් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

රුසියානු සොල්දාදුවන් සහ ව්ලැඩිමීර් පුටින් කෙරෙහි දැක්වෙන වෛරී ප්‍රකාශ පිළිබඳ සිය ප්‍රතිපත්ති ලිහිල් කරන බව Meta සමාගම තහවුරු කිරීමෙන් පසු මේ මස මුලදී Facebook සහ Instagram වෙත ප්‍රවේශය සීමා කර තිබුණා .

Meta සමාගම පසුව පැවසුවේ එම නීති අදාළ වන්නේ යුක්‍රේනය තුළ සිට පුවත් පළ කරන පුද්ගලයින්ට පමණක් බවයි.

නමුත් Meta හි WhatsApp messenger සේවාව “සන්නිවේදන මාධ්‍යයක් මිස තොරතුරු මූලාශ්‍රයක් නොවන” නිසා එය තහනම් නොකරන බවද සඳහන් කෙරුණා.

රුසියානුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් VPN භාවිතයෙන් සමාජ මාධ්‍ය තහනම මග හැරීමට උත්සාහ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ මස මුලදී පවතින යුදමය තත්ත්වය ගැන සලකමින් “ව්‍යාජ” පුවත් පතුරුවා හැරීම සඳහා වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කිරීමට රුසියානු පාර්ලිමේන්තුව නීතියක් සම්මත කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now