යූටියුබ් එකෙන් බලල ස්නයිපර් තුවක්කුවක් හැදු මෙරට තරුණයෙක් අත්අඩංගුවට(PHOTO).
ගිනි අවි නිපදවීම සම්බන්ධයෙන් යූ ටියුබ් එකේ දර්ශන නරඹා ආරක්ෂක හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිත කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු ඊයේ (30දා) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා.
සැකකරු වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බවත් කලක් මත්කුඩු භාවිතයට ඇබ්බැහිව සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටින පුද්ගලයකු බවත් පොලිසිය කීය.
ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන්, යකඩ සහ ඇලුමිනියම් බට ආදිය ගිනිඅවිය නිපදවීම සඳහා උපයෝගී කරගෙන ඇති බවත් ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා දුරදක්නයක් ද සවිකර තිබූ බවත් පොලිසිය පවසයි.
ගිනිඅවිය සඳහා කුඩා යකඩ බෝල උපයෝගී කරගෙන බළලුන් සහ ඉගිලෙන කුරුල්ලන්ට වෙඩි තබා ඇති බවත්, වෙඩි ප්‍රහාරවලට ලක්වූ සතුන් එම ස්ථානවලම ඇදවැටී මරණයට පත්ව ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.
යකඩ බෝලවලට වඩා වැඩි බලයක් ලබා ගැනීම සඳහා වෙනත් අත්හදා බැලීමකට කොටස්වලට ගලවා තිබියදී ගිනිඅවිය සොයා ගෙන සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති සරත් සන්දනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන නිශාන්ත සේනාරත්න, ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක ටර්නි ජෑන්ස් සහ උප පොලිස් පරීක්ෂක නිශ්ශංක යන මහත්වරු වැටලීමට එක්වූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
