Snapchat ලබා දී තිබූ එක් විශේෂාංගයක් ඉවත් කරයි.

By Wayomi Sep 09, 2022 11:13 AM GMT
Report

Snapchat විසින් සිය පරිශීලකයින්ට, ලබාදී තිබූ එක් විශේෂාංගයක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, තම මුහුණුවල සාම්ප්‍රදායික මඕරි පච්ච කොටා ගැනීමට ඉඩ සලසා දී තිබූ විශේෂාංගයයි.

එය ඉවත් කිරීමට හේතු වී ඇත්තේ, එම විශේෂාංගය නවසීලන්තයේ ආදිවාසී මාඕරි ප්‍රජාව තුළ කැළඹීමක් ඇති කිරීම හේතුවෙන්.

මඕරි ජාතිකයන් පච්ච කලාව පරිශුද්ධ දෙයක් ලෙස සලකනු ලබන අතර, එම පච්චය කොටා සිටින්නන් එය තමන්ගේ අනන්‍යතාවයේ වැදගත් සලකුණක් ලෙසයි සළකනු ලබන්නේ.

රේඩියෝ නිව් සීලන්ඩ්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව වූ ඉන්ස්ටග්‍රෑම්හි ද මෙම ෆොටෝ ෆිල්ටරය සහිතව "Maori Face Tattoo" සහ "Maori" වැනි හෑෂ් ටැග් සහිතව බෙදා ගැනුණු පරිශීලකයන්ගේ පින්තූර පෙන්වීම හේතු කොටගෙන අදාළ ෆොටෝ ෆිල්ටරය වෙත, මාඔරි ප්‍රජාවගේ විරෝධතාව මතු වී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW