දුම්බොන ලාංකිකයන් ගැන ඇහෙන අලුත්ම අණාවරණයක් මෙන්න..
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මෙරට පුද්ගලයන් දුම්වැටි භාවිතය සඳහා දිනකට රුපියල් මිලියන 520ක් (කෝටි 52ක්) වැය කරන බවත්, දුම්පානය හේතුවෙන් එක් දිනකට මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන බවත් ය.
ලොව සිදුවන මරණ අතුරින් බෝ නොවෙන රෝගවලින් සිදුවන මරණ ප්‍රමුඛ වේ.
ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83%ක් බෝනොවන රෝග නිසා සිදු වේ.
එමෙන්ම, මෙරට ද බෝ නොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක හතර අතුරින් දුම්වැටි භාවිතය ප්‍රමුඛ සාධකයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය පැවසීය.
මෙරට අලෙවි කරන දුම්වැටිවලින් 93.6ක්ම මිල දී ගනු ලබන්නේ දුම්වැටි එක දෙක වශයෙන් වේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන අතර ලෝකයේ රටවල් 107ක් ඒකල වශයෙන් සිදුකරන දුම්වැටි අලෙවිය තහනම් කර ඇතැයි ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.