පාසල් සිසුවියන් පිරිසකට විෂ දුම් ප්‍රහාරයක්..! (විදෙස්)

Iran
By Sewvandhi Mar 02, 2023 03:24 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

 ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර ඉරානයේදී එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන බලධාරීන්, පාසල් සිසුවියන් සම්බන්ධ මේ විෂ දුම් ප්‍රහාර පිළිබඳ විශේෂ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

කාන්තා අයිතීන්ට දැඩි සීමා පනවන රාජ්‍යයක් ලෙස ඉරාන ඉස්ලාමීය ජනරජය ප්‍රකටව පවතී. මාහ්සා අමීනි නම් තරුණියක් මියයාමේ සිදුවීමක් මුල්කරගෙන ගෙවුණු මාස කිහිපය පුරා ඉරාන තුළ දැවැන්ත විරෝධතා පවා පැවැත්වුණු පසුබිමකයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ .

පාසල් වසා දැමීමේ අරමුණින් පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ බරපතළ පුවතක් එරටින් වාර්තා වන්නේ එවන් පසුබිමක ය. ගෙවුණු නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ඉරාන පාසල් සිසුවියන් 700 දෙනෙකු මෙසේ විෂ දුම් ආඝ්‍රාණය වී රෝගී වී තිබේ.

ගැහැණු ළමුන් පාසල් යාම වළක්වා පාසල් වසා දැමීමේ අරමුණින් මෙය සිදුකරන්නට ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. විෂ දුම් ප්‍රහාරවලින් කිසිදු දැරියක් මියගොස් නොමැති නමුත් ඔවුන්ගෙන් වැඩි පිරිස හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය සහ වමනය වැනි රෝග තත්ත්වයෙන් පීඩා විඳ තිබුණි.

මෙය සිතා මතා සිදුකළ අපරාධයක් බවට හඳුනාගෙන ඇතත් එය හා පාසල් වසාදැමීමේ උත්සහයක් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය කරගැනීමට ඔවුන් සමත්ව නැහැ. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now