නැති වූ ස්මාර්ට් දුරකතනය සොයාගත හැකි අලුත් ක්‍රමයක්...

Sri Lanka Smart Phones
By Aruna Mar 14, 2023 07:46 AM GMT
Report

මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

2018 දෙසැම්බර් 31 වැනිදා සිට අස්ථානගත වූ දුරකතන යළි සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ගගත ක්‍රමයක් හදුන්වාදී ඇත.

එම ක්‍රමවේදය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුව ඇති සමස්ත පැමණිලි ගණන එක්ලක්ෂ තිස්හතර දහස් හාරසිය පනස් එකකි.

2019 වසරේදී දුරකතන හතලිස් දහස් එකසිය හැට හතකුත්, 2020 වසරේදී දුරකතන දොළොස්දහස් පන්සිය හැටහතකුත්, 2021 වසරේදී දුරකතන විසිහත් දහස් නවසිය තිස් තුනකුත් සොරකම් වලට සහ නැතිවීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් නැතිවූ දුරකතන සොයා දීම පිළීබද වාර්තා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නොමැති බවත් ඒ දුරකතන පිළිබද වාර්තා පැමිණිලි යොමුවන පොලිස් ස්ථාන වෙතම යොමුකරන බව ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අධ්‍යක්ෂිකා මේනකා පතිරණ පැවසුවාය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.