ජනවාරි 01 වන දා සිට සිදු කරන දුරකථන තහනම..! - වැඩි විස්තර මෙතැනින්..

iPhone Smart Phones Netherlands
By Sewvandhi Jul 05, 2023 05:47 AM GMT
Report

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, 2024 ජනවාරි 1 සිට නෙදර්ලන්තයේ පන්ති කාමරවලින් ජංගම දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසු බොහෝ දුරට තහනම් කරන බවයි.

 පාඩම් අතරතුර අවධානය වෙනතකට යොමු කිරීම සීමා කිරීමේ උත්සාහයක් ලෙසිනුයි, නෙදර්ලන්ත රජය මෙම නියෝගය අඟහරුවාදා ප්‍රකාශ කළේ.

උපාංග සඳහා අවසර දෙනු ලබන්නේ ඒවා විශේෂයෙන් අවශ්‍ය නම් පමණක් වන අතර උදාහරණයක් ලෙස ඩිජිටල් කුසලතා පිළිබඳ පාඩම් අතරතුර, වෛද්‍ය හේතූන් මත හෝ ආබාධ සහිත පුද්ගලයින් සඳහා මේවා භාවිත කළ හැකියි.

එරට අධ්‍යාපන අමාත්‍ය Robbert Dijkgraaf නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "ජංගම දුරකථන අපගේ ජීවිත සමඟ බද්ධ වී තිබුණත් ඒවා පන්ති කාමරයට අයත් නොවේ" ලෙසයි.

එම නිවේදනයේ තවදුරගත් සඳහන් වන්නේ, "සිසුන්ට අවධානය යොමු කිරීමට හැකි විය යුතු අතර හොඳින් ඉගෙනීමට අවස්ථාව ලබා දිය යුතුය. ජංගම දුරකථන බාධාවක් බව විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙයි. අපි මෙයින් සිසුන් ආරක්ෂා කළ යුතුයි." යනුවෙන්.

මෙම තහනම අමාත්‍යාංශය, පාසල් සහ අදාළ සංවිධාන අතර ඇති කර ගත් එකඟතාවක ප්‍රතිඵලයක්. තහනම සංවිධානය කිරීමට පාසල්වලට තමන්ගේම ක්‍රමයක් සොයා ගත හැකි බව ඩිජ්ක්ග්‍රාෆ් පවසා තිබුණ ද, මෙය 2024 ගිම්හානය වන විට ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා නොදෙන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකියි.