මාලදිවයින් වැනි කුඩා දූපත් මුහුදට බිලි වීමේ අවදානම වැඩි වෙයි? විද්‍යාඥයන්ගෙන් අනතරු ඇඟවීමක්. (VIDEO)

By Wayomi Feb 16, 2023 08:08 AM GMT
Report

සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.

ඒ, ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන තිබීම හේතුවෙන්.

එලෙස දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයයි.

විද්‍යාඥයෝ මෙය ‘ලෝකාවසාන ග්ලැසියරය’ යන නමින් ද හඳුන්වති. ග්ලැසියරය දියවීමට පටන්ගෙන ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ හේතුවෙන්.

ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් එක් වී ග්ලැසියරය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ 2019 වසරේ සිටයි.

මෙමගින් සාගර ජල මට්ටම ඉහළ ගොස් මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ‘අයිස්ෆින්’ නැමති රොබෝ කුමුඳුව (කුඩා සබ්මැරීනය) යොදා ගනිමින්, මෙම ග්ලැසියරය ගවේෂණය කර ඇති බවයි.





සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW